News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

අකිල බිරිද හා දියණිය ගැන කියූ දේ

226 Views


අකිල බිරිද හා දියණිය ගැන කියූ දේ

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මේ වන විට සිනමාවට පය තබා දශකයක් එහෙමත් නැත්නම් අවුරුදු දහයක් වෙනවා.

මේ දිනවල තිරගතවන ඔහුගේ නවතම සිනමා පටය වන ගුත්තිල සිනමා පටය පිළිබද සතිඅන්ත පුවත්පතක් හා අදහස් දක්වා තිබූ ඔහු සිය බිරිද හා දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

එය පහතින් බලන්න,

රංගනයෙන් එපිට බිරිඳ සහ දුවත් එක්ක ගෙවන ජීවිතය?

ඒක ඉතාම සංතෝෂ තැනක් නිසා කිසිම ගැටලුවක් මට දැනෙන්නේ නැහැ.

දුව තාත්තාව ටීවී එකෙන් දකිනකොට මොනවද කියන්නේ?

මම රඟපාන නිළියන්ගේ නම් පවා දුව දන්නවා. මේ ඔක්කොම අපේ යාළුවෝ නේ. මගේ දුව ඒ ගොල්ලන්ට කතා කරලා ආන්ටි අරකද? මේකද? කියලත් අහනවා. මගේ බිරිඳත් එක්කත් ඒ ගොල්ලෝ හරි මිතුරුයි. අපි ඔක්කොම එක යාළු කණ්ඩායමක් නේ.

බිරිඳ කියන්නේ නැද්ද මෙයත් එක්ක නම් රඟපාන්න එපා කියලා.

අනේ නැහැ. ඔය ප්‍රශ්නය අහන්න ඕනෑ මේ ක්‍ෂේත්‍රයට ආධුනික කෙනෙක් නම්. අපි මේ ක්‍ෂේත්‍රය දන්නේ හඳුනන්නේ අප්පච්චිගේ කාලයේ ඉඳල නේ. එතකොට අපේ අම්මා අප්පච්චි කියපු නැති ඒවා කොහොමද මගේ බිරිඳ මට කියන්නේ.

ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ සිනමා නිර්මාණයක් තමයි. එකගෙයි සොකරි කවදාද ඒක නරඹන්න හම්බ වෙන්නේ?

ඇත්තටම ඒක අපි නිර්මාණය කරලා ඉවරයි. තිරගත කිරීමට බාලපොරොත්තු වෙලා හිටියේ ගිය අවුරුද්දේ. නමුත් අප්පච්චි ඒ ගැන තීරණයක් ගන්න ඕනෑ හින්දා අපි මේ වෙලාවේ ඒක අතහැරලා තියෙනවා. හේතුව අප්පච්චිගේ දේවල්නේ. අපි අතපත ගාන්න යන්න හොඳ නැහැ.

මීවිත


News Articles
Latest Videos
Most Popular Post