News Line| Off Air
Generic placeholder image

Jul
18

කලාකරුවන් ගැන පියුමි කියූ දේ

442 Views


කලාකරුවන් ගැන පියුමි කියූ දේ

වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම සිටින කෙනෙක් තමයි පියුමි බොතේජු කියන්නේ.

ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය නිතරම එහි සටහන් තබනවා.

පියුමි සති අන්ත පුවත් පතක් හා එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි,

“සමහර වෙලාවට මගේ ඉදිරිපත් කිරීමක් දැකලා සතුටින් හිනා වෙලා මනස සුවපත් කරගන්න උදවිය, මගේ මුහුණට මුණ ගැසුණාම අහක බලාගෙන යනවා. අපේ රටේ මිනිස්සු මෙහෙම කුහක වුණේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් පිරිමි කෙනෙකුට මාත් එක්ක සම්බන්ධයක් ගොඩනඟා ගන්න හිතිලා ඒක බැරි වුණාම, කියන්න පුළුවන් කතා හැම එකක්ම කියන්න පෙලඹෙනවා. මට කියලා ගෙයක් තියෙනකොට, වාහනයක් තියෙනකොට ඒ අය කියනවා මම ඒවා හදා ගත්තේ අනාචාරයේ ගිහින් කියලා. නළු නිළියොන්ට සමාජ විසින්ම ගොඩනඟන අවලාද තමයි පේන්න තියෙන්නෙ. නමුත් කලාකරුවෙක් කලා කෘතියකට පණ පොවන්න දරන වෙහෙස මහන්සිය කවුරුත් දන්නෙ නැහැ. අවලාද නඟන කිසිවකුට කලාකරුවා කියන්නේ සත්‍යවාදී හදවතක් තියෙන කෙනෙක් කියලා තේරුම් ගන්නේ නැහැ.‍”


News Articles
Latest Videos
Most Popular Post