News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

අමිහිරි අතීතය ගැන ශේෂාද්‍රි ‌කියූ දේ

370 Views


අමිහිරි අතීතය ගැන ශේෂාද්‍රි ‌කියූ දේ

ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය ශේෂාද්‍රි හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණත් ඇය ‌දැන් නම් කලාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ.

පළමු විවාහයෙන් වෙන්වූ ඇය දැන් ගායක ක්‍රිෂාන් සමග විවාහ වී සිටින අතර පුංචි දියණියකගේ මවක්ද වෙනවා.

ඇය මෑතකදී පෞද්ගලික යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ අතීතයේ අමිහිරි මතක ගැන ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ දෙයක්,

“මගේ ජීවිතේ අතීතය ගැන මම කතා කරන්නවත් හිතන්නවත් කැමැති නැහැ. ඒ දේවල් නිසා මානසිකව ගොඩක් වැටුනු කෙනෙක් මම. ආයිමත් කවුරුත් මාව විවාහ කරගන්න බැරිවෙන තැනටම මට ගොසිප් ගැහුවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මුල ඉඳන්ම මම ගැන හොඳ අවබෝධයක් තියෙන මං ගැන හොඳ අවබෝධයක් තිබුනු කෙනෙක් විදිහට මම ගොඩක් වාසනාවන්තයි ක්‍රිෂාන් වගේ කෙනෙක් හම්බුණු එක ගැන. කිසිම වරද්දක් නොකර කෙනෙක්ට මඩ ගැහුවාම මට ඒක මානසිකව ගොඩක් බලපෑවා. මම හැමදෙයක්ම අත්හැරල දාපු කෙනෙක්. ආයිමත් විවාහ වෙන්න තියා වෙන මුකුත්ම එපා කියන තැන මම හිටියා. ඒ වුණට මට කවදහරි දවසක හොඳ පවුල් ජීවිතයක් ඕනේ කියන දේ මගේ හිතේ තිබුනා. ක්‍රිෂාන් හම්බුනේ නැත්නම් ඒ දේවල් මේ විදිහට වෙනස් නොවෙන්නත් ඉඩ තිබුනා. අපි යාළුවුණු මුල් කාලේ ගොඩක් දෙනෙක් එයාට එක එක දේවල් කියන්න ගත්තා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. එයා ගොඩක් විවෘත මනසක් තියෙන කෙනෙක්. මම ඒකට එයාට ගරු කරනවා. මොන ප්‍රශ්නෙ ආවත් ඒ ප්‍රශ්නෙ විසඳෙනවා. ඒ ප්‍රශ්නෙ ඉවර වෙනවා. මම හිතන්නේ අන්න එහෙම තමයි. කවුරු වුනත් විවාහය බිඳ වැටුන කියලා වැටෙන්න ඕනේ නැහැ”


News Articles
Latest Videos
Most Popular Post