News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

පෙම්වතියක් වූ කවින්ද්‍යා

699 Views


පෙම්වතියක් වූ කවින්ද්‍යා

අතුල අදිකාරගේ සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි සංගීත ලොවේ ඇයටම අවේනික වූ අනන්‍යතාවයක් ගොඩනඟාගෙන අවසන්.

ඇය සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ මුල් වරට ඇයගේ ආදර කතාව ගැන සඳහන් කළා.

ඒ මෙලෙසයි,

මම T.V. Program එකකට ගිහින් බෑන්ඩ් එකේ ඔක්කෝම මාත් එක්ක හිනා වුණා. එයා විතරක් ලාවට හිනාවක් දාලා නිකන් හිටියා. මම සාමාන්‍යයෙන් මාව කවුරු හරි ගනන් ගත්තේ නැත්නම් කතා කරනවා කියලා ඔලුවේ තියන් ඉන්නවා. Program එකේ Break පහක් විතර ගියා. එදා වැස්ස දවසක්. එළියේ Shoot එක තිබ්බේ. මගේ ඉස්සරහම ඉඳන් හිටියේ. ඒත් කතාවක් වත් නෑ. ලාවට හිනාවෙනවා. එයාගේ පාඩුවේ කනවා බොනවා. කොහොමහරි මම ගෙදර යනකොට Story එකක් දැම්මා Instagram එකෙයි Facebook එකෙයි. ” Going Home after a long day “ කියලා. එයා ඒකට Replay කරලා තිබුණා. “අනේ Yes නේද. මගේ සරමයි චාර්ජර් එකයි අමතක වුණා, කියලා. බලද්දි බොරුවට. මාත් එක්ක කතා කරන්න ඔනකමට එවලා තියෙන්නේ. ඊටපස්සේ ඒ කතාව එහෙම්ම දිගට ගියා.

සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post