News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

දමිළ නළු ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාව ලද අසංකි

443 Views


දමිළ නළු ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාව ලද අසංකි

සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අසංකි ද සිල්වා.

ඇයට පසුගියදා සුවිශේෂි අවස්තාවක් හිමි වුණා. ඒ ඉන්දීය දමිළ සිනමාවේ සිටින දැවැන්ත චරිතයක් වන ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාවක්.

ඇය ඒ පිළිබඳව වගේම ඔහු සමග කටයුතු කරන විට ඇය ලැබූ අත්දැකීම් ගැනත් සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

ඔහුගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත Musasi චිත්‍රපටයේ ගීතයකට ඔහු සමඟ රංගනයෙන් දායක වෙන්න ලැබීම මාගේ රංගන ජීවිතයේ මා ලබපු වටිනාම අවස්ථාවක් සහ භාග්‍යක් කොට සලකමි. ඔහු සමග වැඩ කළ දවස් දෙක හරිම ලස්සන හිනයක් වගේ. පුදුමාකාර සරල නිහතමානී චරිතයක්. ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේවල් බොහෝය.


News Articles
Latest Videos
Most Popular Post