News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා… සෙනාලිගෙන් සංවේදී සටහනක්

857 Views


මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා… සෙනාලිගෙන් සංවේදී සටහනක්

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.

මේ නම් කියන්න යන්නේ ඇගේ කලා ජීවිතය ගැන නම් නෙමෙයි. ඇගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කතාවක්.

ඇගේ පියා මීට ටික කලකට ඉහතදි මෙලොව හැර ගියා. එය සියල්ලන්ම දන්නා කරුණක්.

ඊයේ දින ඇගේ මව අභාවප්‍රාප්ත වුණා.

ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා.

මගේ අම්මා, මගේ හෙවනැල්ල වගේ හිටපු, මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා…

අද මම මේ කවුරු වෙලා හිටියත් ඒ හැමදේම කරේ ඔයාගේ හයිය නිසා, ඔයා මගේ පිටිපස්සෙන් ඉදන් මාව වැටෙන්න දෙන්නැතුව අල්ලන් හිටපු නිසා… කමක් නෑ අම්මේ, ඔයා දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයා මේ දුකින් මිදුනා කියලා හිත හදාගන්නන්… පුලුවන්නන් අයේ කවදා හරි අපි හමුවෙමූ, කවදා හරි මේ සන්සාර ගමනෙනුත් මිදෙමූ අම්මේ…


News Articles
Latest Videos
Most Popular Post