News Line| Off Air
Generic placeholder image

Sep
8

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

371 Views


සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. තෙවැනි සහ අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා විය.

හරාරේහි පැවති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 191ක් රැස් කළේය. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටඩිවනාෂ් මරුමානී ලකුණු 51ක් රැස් කළ අතර, දුෂාන් හේමන්ත කඩුලු 3ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.

ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ඉලක්කය පසු කළේය. ජයග්‍රහණය තහවුරු කළේ නොදැවී ලකුණු 73ක් රැස් කළ කමිල් මිෂාර සහ ලකුණු 46ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරාගේ තුන්වැනි කඩුල්ලට එක් කළ නොබිඳුණු ලකුණු 117ක සබඳතාවයි. මීට අමතරව, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිළිවෙලින් ලකුණු 30ක් සහ 33ක් ලබා ගනිමින් ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්නේය.

මෙම තරගාවලියට පෙර පැවති සිම්බාබ්වේ එක්දින තරගාවලියද 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. එළඹෙන ආසියානු කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගාවලිය මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post