News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ලෝක රූ රැජින තරගාවලිය වෙනුවෙන් නිමැවුණු තඹුරු මලේ (Water Lilly) හැඩගත් ප්‍රතිභාගේ ඇඳුම

51 Views


ලෝක රූ රැජින තරගාවලිය වෙනුවෙන් නිමැවුණු තඹුරු මලේ (Water Lilly) හැඩගත් ප්‍රතිභාගේ ඇඳුම

ජල මානෙල් මල හෙවත් තඹරු මලෙන් ලැබූ ආභාස‍යෙන් නිමැවුණු අපූරු නිර්මාණයකිනුයි ඇය මෙලෙස සැරසී සිටියේ.
මෙම සුන්දර ගවුම නිර්මාණය කර ඇත්තේ GUNIDU DASUN විසින් වන අතර, තඹුරා මල නිරූපණය කරන ඔරොත්තු දීමේ හැකියාව, සුන්දරත්වය සහ අභියෝග හමුවේ නැගී සිටීමේ ශක්තිය මෙම නිර්මාණය තුළින් ඉස්මතු කර තිබෙනවා.

මෙම ගවුමේ තවත් විශේෂත්වයක් වන්නේ අතින් ගෙත්තම් කර නිර්මාණය කළ මල් පෙති ආකාරයේ කොටස් සහ ගලා යන සිල්ක් ඔර්ගැන්සා වර්ගයේ රෙදි මේ සඳහා භාවිත කර තිබීමයි. එමෙන්ම ගවුම අලංකාර කිරීම සඳහා වෙන වෙනම ස්ථානගත කළ ක්‍රිස්ටල් දහස් ගණනක්ද යොදාගෙන තිබෙනවා.

ගවුමේ සෑම අංගයක්ම තඹරු මලේ කතාවේ කොටසක් නිරූපණය වන පරිදි ඉතා සූක්ෂමව නිර්මාණය කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.
මෙම නිර්මාණය වෙනුවෙන් GUNIDU ඇතුළු එය ජීවමාන කිරීමට දායක වූ සියලු දෙනාටම ඇගේ ස්තූතිය පළ කරමින්, එය තමන් වෙනුවෙන් නිර්මාණය කළ සුන්දර හා අර්ථවත් නිර්මාණයක් බවට ඇය සිය සතුට ඇය මෙලෙස සටහන් කරමින් පළ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post