රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානි ඇතුළු රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි රත්නපුර නගරයේ අලෙවි කිරීම තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ආලේපන වල අඩංගු අධික රසදිය නිසා සමට අහිතකර බව මෙන්ම ඒවා පිළිකාකාරක ලෙසද පරීක්ෂණ මඟින් සනාථ වී ඇති පසුබිමක වෙළෙඳපොල තුළ අලෙවි කරන බව අනාවරණය වී තිබෙන්නේ. පිට පළාත්වලින් තොග ලෙස ලබා ගන්නා මෙම ආලේපන රත්නපුර නගරය තුළ අලෙවි කර ඇති අතර රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනාකමකින් යුතු මෙම ආලේපන තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.