ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩකිරීම හේතුවෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල මෙලෙස නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 ක්. එම පිරිස අතරින් පුද්ගලයින් 2,600 කට මේ වන විටත් නඩු පවරා තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.