News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

ධීවර හා ජලජ සම්පත් පනතට අදාළ නියෝග රැසක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

580 Views


ධීවර හා ජලජ සම්පත් පනතට අදාළ නියෝග රැසක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට ඍජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 9 ක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

එදින පස්වරු 1.30 සිට 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ශ්‍රී ලංකා ජල තීරය තුළ මසුන් හා ජලජ සම්පත්වලට හානි සිදුවන ආකාරයෙන් කිසිදු අපද්‍රව්‍යයක් බැහැර කිරීම හෝ වැඩෙන කඩොලාන පරිසර පද්ධතිය ඉවත් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් අදාළ පනත යටතේ තහනම් කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post