චොක්ලට් කියන්නේ වයස් බේදයක් නැතුව ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්. මේ වෙද්දී ලෝකයේ විවිධ චොකලට් වර්ග දහස් ගණනක් තියෙනවා. මේ අතරේ ලෝකයේ වටිනාම චොකලට් එක පෘතුගාලයේ සූපවෙදියෙක් හදලා තියෙනවා.
මේ චොකලට් එක ලංකාවේ මුදලින් ලක්ෂ 14 ක් විතර වෙනවා. කන්න පුළුවන් රත්තරං ආවරණයකින් ආවරණය කරලා තියෙන නිසා තමයි මේ චොකලට් එක මෙච්චර ගණන්. රනිලුකා වලින් හැදුව වයිට් වැනිලා මේ චොකලට් එකේ අන්තර්ගතයි.
Fritz Knipschildt කියන සූපවේදියා තමයි මේ වටිනා චොකලට් එක හදලා තියෙන්නෙ. මේ චොකලට් එක පෘතුගාලයේ ඔබිඩෝස් වල චොකලට් වෙළඳපොලක ප්‍රදර්ශනයට තියලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් Oder කරන්න පුළුවන්.