පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ දී කඩඉම් ලකුණට පහළ ලකුණු ලබා ඇති සියලූ සිසුන් අසමත් සිසුන් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. එම අමාත්‍යංශය සදහන් කලේ ලකුණු 70 ට ඉහළ ලකුණු ලබාගත් සියලූ සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් ලෙස සලකා සහතික පත‍්‍රයක් නිකුත් කෙරෙන බවයි.
අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමත්, ඉහළ සාධන මට්ටමක් සහිත දරුවන්ට වඩා පහසුකම් සහිත පාසල් ලබාදීමත් ශිෂ්‍යත්ව විභාගයේ අරමුණයි. එම තෝරා ගැනීම සදහා කඩයිම් ලකුණක් නියම කෙරුනද එමගින් සමත් බව හෝ අසමත් බව තීරණ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරනවා.
මේ අතර පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත්තේ විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඉදිරිපත් කල ගැටලූ සැළකිල්ලට ගනිමින්.