පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු පරික්ෂා කිරිමේදී ඔහු රැගෙන ආ ආහාර බදුණක තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇතිබව පොලිසිය සදහන් කළා.
ඒ අනුව අදාල සැකකරු බන්ධනාගාර නිළධාරින් විසින් පල්ලෙකැලේ පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.
25 හැවිරිදි අදාල සැකකරු මහනුවර, මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) පන්විල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.