News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

ශ්‍රී ලාංකිකයන්ට ස්තූති කරන්න ශර්මා ඉන්දීය පිළ සමග සිංහ කොඩිය අරං පිටිය වටේ යයි.

1123 Views


ශ්‍රී ලාංකිකයන්ට ස්තූති කරන්න ශර්මා ඉන්දීය පිළ සමග සිංහ කොඩිය අරං පිටිය වටේ යයි.

ක්‍රිකට් කියන්නේ අනිත් ක්‍රීඩාවන්ට වඩා ගොඩක් වෙනස් ක්‍රීඩාවක්. ඒ නිසා තමයි ක්‍රිකට් වලට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ. ක්‍රීඩාවේ ජීව ගුණය, සහෝදරත්වය, ප්‍රතිවාදියාට ගෞරව කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ සුලභ දසුනක්.

කොහොම වුනත් හැම තැනකම රුවිතෙට යන කෙනෙක් ඉන්නවා වගේ ක්‍රිකට් වලත් අතරින් පතර එහෙම ය ඉන්නවා. හැබැයි ඔවුන්ගේ නොහොඹිනා වැඩ වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය නැති වෙන්නේ නෑ. ඉන්දියාව කියන්නේ කාලයක ලංකාවේ අයට නයාට අඳුකොළ වගේ කණ්ඩායමක්. හැබැයි දැන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තමයි ලංකාවේ හොඳම යාලුවෝ.

ඊයේ තරඟයේදීත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ඉන්දියාවට Cheer කරේ හරියට ලංකාවට Cheer කරනවා වගේමයි. ඒ සහයෝගයට උපහාර දක්වන්න ඉන්දියා කණ්ඩායම අමතක කරේ නෑ.ඉන්දීය කණ්ඩායම තරඟයෙන් පස්සේ පිට්ටනිය වටේම ගිහින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පළකරා. ඔවුන් පිට්ටනිය වටේ ගියේ ශ්‍රී ලංකා ධජයත් අරගෙන.

මේ සිදුවීම ලංකාවේ හැමෝටම හදවතටම දැනිලා තිබ්බා. බුකිය පුරාම ඒ ගැන Post පළවෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video ව.

https://youtu.be/oe_k4hd4Kas


News Articles
Latest Videos
Most Popular Post