හමුදාවට තොරතුරු ලබා දීම හෝ නොදීම තීරණය කිරීමට උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට කිසිදු අයිතියක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ පැවති වැඩසටහනකින් පසු සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය 12 වනදා සිදුකල ප‍්‍රකාශය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී උතුරේ නිලධාරීන් විසින් ඊට පෙර තමා දැනුවත් කල යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර තිබුණා. ඒ පසුගිය 12 වනදා කිලිනොච්චියෙ ප‍්‍රදේ්ශයේ පැවති උත්සවයක් අමතමින්.