News Line| Off Air
Generic placeholder image

Aug
18

ප්‍රයෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

Generic placeholder image

උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ විභාග මධ්‍යස්ථාන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව එළඹෙන 19,20,21 යන දිනවලදී පහත සඳහන් විභාග මධ්‍යස්ථානයන්හිදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.


Aug
18

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි […]


Aug
18

පළාත් කිහිපයකට තැනින් තැන වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Aug
17

සුළං විදුලි බලාගාර දෙකක් සඳහා අනුමැතිය

Generic placeholder image

අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.


Aug
17

නල්ලතන්නිය – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ

Generic placeholder image

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ, නායයාමක් සක්‍රිය වීම හේතුවෙන් මාර්ගය වසා දැමූ බවයි.


Aug
17

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවන බව පවසයි

Generic placeholder image

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර […]


Aug
17

පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


Aug
16

නව ඖෂධ 03 ක් දේශීයව වෙළඳපළට

Generic placeholder image

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.


Aug
16

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 1 යි […]


Aug
16

පළාත් කිහිපයකට තැනින් තැන වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]


Aug
15

දුම්රිය පීලි පැනීමක්

Generic placeholder image

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත. බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය බුස්ස ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


Aug
15

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට

Generic placeholder image

සංශෝධනය කරන ලද තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දමනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post