News Line| Off Air
Generic placeholder image

Mar
9

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Mar
8

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ජාතික නිදහස් පෙරමුණේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Mar
8

මෙරටට පැමිණි ගෑස් නැවකට මුදල් ගෙවයි

Generic placeholder image

මෙරටට පැමිණ ඇති ගෑස් නෞකා තුනෙකන් එක් නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදු කර ඇත. අදාළ ගෙවීම් සිදු කළ නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් අන්තර්ගත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ගෑස් පොම්ප කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.


Mar
8

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Generic placeholder image

අද දිනයේ සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. සිලෝන් ටී, සිලෝන් සිනමන් යන ආදී නිෂ්පාදන නාමයන් අයතා පරිහරණය වැලැක්වීමේ අරමුණින් බුද්ධිමය දේපළ සංශෝධන පනත දෙවන වර කියවීම සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ පනත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව […]


Mar
8

සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තුවේ වෙනසක්

Generic placeholder image

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණ සහිතව මහ භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ නිවේදනය පහතින්,


Mar
8

අමෙරිකානු ඩොලරය රු.230 ක්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.


Mar
8

ලෝක කාන්තා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.


Mar
8

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
8

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (08) කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P,Q,R,S,T,U,V,W […]


Mar
8

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Mar
7

නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Generic placeholder image

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත. අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබේ. ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් […]


Mar
7

වාර්තාගත ලෙස බොරතෙල් මි​ල ඉහළට

Generic placeholder image

වසර 13 කට පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක ඉහළ ම මිල මේ වන විට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙසයි. යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල නිරන්තරයෙන් වෙනස්වීමට ලක් වේ.


News Articles
Latest Videos
Most Popular Post