රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. ඒ අනුව පෙබරවාරි මස 21 වන සඳුදා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි වාර්තා සඳහන් වන්නේ.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
උතුරු, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]
විදුලි බිල්පත් ගෙවීම මඟහරි ඇති පාරිභෝගිකයන්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනු ලබයි. මෙම නියෝගය අද සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි. බූස්ටර් එන්නත ලබාදීම මඟින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදීමට සිටින බිලිඳුන්ට ද රැකවරණය හිමිවන බව එතුමා සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
දකුණු පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති පෙරහරක්. අලි ඇතුන් 15 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදිත බව වාර්තා වේ. ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
ජල විදුලි නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට සිදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසන අතර එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාල ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි.
පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියාවේ අගනුවර වන දිල්ලි අසල උප නගරයක් වන ගුර්ගොන් හි වැඩ කරන උද්‍යාන සේවකයින් හතර දෙනෙක් වර්ෂාව අතරතුර ගසක් යට නවාතැන් ගත්හ. මිනිත්තු කිහිපයකින් අකුණු සැර එම ස්ථානයට පතිත වන්නට විය. සාමානයෙන් අකුණු සැර වෝල්ට් මිලියන 300ක් සහ ඇම්පියර් 30,000ක් පමණ වෙනවා. කෙසේ නමුත් උද්‍යාන සේවකයින් හතර දෙනා අකුණු සැර හේතුවෙන් […]
ඇත්තටම ආදරය කරන ඇස් තියෙන්නේ පිටුපසින්. ඇත්තටම ආදරය කරන ඇස් ඔබට පෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඇස් පිටුපස ඉදලා ඔබ දිහා හැමදාම බලාගෙන ඉන්නවා. ඒ තමයි සැබෑ ආදරය. අද ආදරවන්තයින්ගේ දිනයයි. ඇත්තටම ආදරය කරන අයට එක දවසක් මොකටද කියලත් සමාජයේ තවත් මතයක් තියෙනවා. ඒ කොහොම වුණත් බටහිර රටවල ආභාෂයෙන් ලොව පුරා පැතිරී ගිය මේ […]