දකුණු පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති පෙරහරක්. අලි ඇතුන් 15 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් […]
ශ්රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදිත බව වාර්තා වේ. ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වන විස්සයි විස්ස තරඟයට ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
ජල විදුලි නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට සිදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසන අතර එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාල ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි.
පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියාවේ අගනුවර වන දිල්ලි අසල උප නගරයක් වන ගුර්ගොන් හි වැඩ කරන උද්‍යාන සේවකයින් හතර දෙනෙක් වර්ෂාව අතරතුර ගසක් යට නවාතැන් ගත්හ. මිනිත්තු කිහිපයකින් අකුණු සැර එම ස්ථානයට පතිත වන්නට විය. සාමානයෙන් අකුණු සැර වෝල්ට් මිලියන 300ක් සහ ඇම්පියර් 30,000ක් පමණ වෙනවා. කෙසේ නමුත් උද්‍යාන සේවකයින් හතර දෙනා අකුණු සැර හේතුවෙන් […]
ඇත්තටම ආදරය කරන ඇස් තියෙන්නේ පිටුපසින්. ඇත්තටම ආදරය කරන ඇස් ඔබට පෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඇස් පිටුපස ඉදලා ඔබ දිහා හැමදාම බලාගෙන ඉන්නවා. ඒ තමයි සැබෑ ආදරය. අද ආදරවන්තයින්ගේ දිනයයි. ඇත්තටම ආදරය කරන අයට එක දවසක් මොකටද කියලත් සමාජයේ තවත් මතයක් තියෙනවා. ඒ කොහොම වුණත් බටහිර රටවල ආභාෂයෙන් ලොව පුරා පැතිරී ගිය මේ […]
කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති බවත් තවත් නව ප්‍රබේද අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනු ලබයි. ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ කොවිඩ් වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත් ලෝක ජනගහනයෙන් 70% කට වඩා පුර්ණ එන්නත්කරණය කිරීමට හැකි වුවහොත් මෙම 2022 වසර අවසන් වීමේ දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම ලෝක […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුවපළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර […]
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් […]
ශ්රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් යුත් T20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ලෝක ශූර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා. ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 19 දී කඩුලු 08 […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති […]