News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් […]


Jan
25

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම්

Generic placeholder image

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක වැටලීම් සිදු කර තිබෙනවා. […]


Jan
25

ජල කප්පාදුවක් ගැන දැනුම් දීමක්

Generic placeholder image

මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර / යටිනුවර ජල සම්පාදන ක්‍රමයේ කැන්දකඩුව සේවා ජලාශය සදහා අලුත් පොම්ප සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද (19) පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බවයි, ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ. ජල සැපයුම […]


Jan
25

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Jan
25

ආසාදිතයින් 877ක්

Generic placeholder image

ඊයේ (24) මෙරටින් කොරෝනා ආසාදිතයින් 877ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 602,763ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jan
25

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක්

Generic placeholder image

පැවති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක් අද (25) දිනයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වන්නේ. අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල […]


Jan
24

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Jan
24

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසු වුණා.


Jan
24

ආසාදිතයින් 838ක්

Generic placeholder image

ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 838ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 601,886ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
24

දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්

Generic placeholder image

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේ දී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා . බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]


Jan
22

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක්

Generic placeholder image

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරනවා. ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි මහත්මිය පැවසුවේ, එම රෝගීන්ගෙන් 60%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පසුගිය වසරේ සැප්තැම්බර් […]


Jan
22

උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්න – මහාචාර්ය චන්න ජයසුමන

Generic placeholder image

උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩි දුරටත් අදහස් දැක වූ ඒ මහතා, “පහුගිය සතියක පමණ කාලයේ අපට පේනවා රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයේ යම්කිසි වැඩිවීමක් තියනවා. දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවන රෝගීන්ගේ වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්දයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post