News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
27

සටන් විරාමයකට සූදානම් වන රුසියාව සහ යුක්රේනය

Generic placeholder image

ලෝකයේ එක් රටක දරුවන් කන්න නැතිව මිය යද්දී මව්පියන් වකුගඩු අලෙවි කරද්දී තවත් රටවල් බලය සඳහා යුධ වදින්න සූදානම් වනවා. මේ රුසියාවට, අමෙරිකාවට, නේටෝවට මැදි වූ යුක්රේනයේ වත්මන් තත්ත්වයයි. කුමන මොහොතක හෝ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරමින් සිටිනවා. යුක්රේනයට මායිම්ව පිහිටි රොස්කොව් කලාපයේ රුසියානු හමුදා සිය පුහුණු අභ්‍යාසය ද […]


Jan
27

ටෙඩ්රෝස් ඇඩ්නම් යළිත් WHO ලොක්කා වෙයිද?

Generic placeholder image

සමස්ත ලෝකය පුරාම ඉතා බරපතළ ලෙස යළි කොවිඩ් ව්‍යාප්ත වෙමින් පවතිනවා. කොවිඩ් වසංගත සටනේ දී ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් විශාල කාර්යභාරයක් ඉටුකළා. ඉදිරි වසර 05 සදහාත් ඔහුගේ නම යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුර සඳහා වන ඡන්දය මේ වසරේ මැයි මස පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද වන විට ඒ […]


Jan
27

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණය අද

Generic placeholder image

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතී ද යන්න පිළිබඳව තීරණය කරන බවය.


Jan
27

බූස්ටර් එන්නත ලබාගත් සමස්තය මිලියන 5 ඉක්මවයි

Generic placeholder image

මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඊයේ (26) දිනයේ දී පුද්ගලයින් 30,253 දෙනෙකු එන්නත් ලබාගැනීමත් සමග එන්නත් ලබාගත් සමස්තය මෙලෙස මිලියන 5 ඉක්මවා ගිය බවය.


Jan
27

කොවිඩ් ආසාදිතයින් 900 සීමාව ඉක්මවයි

Generic placeholder image

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 927ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 604,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
27

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.


Jan
26

තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25 කට සීමා කරනවා – අනුර කුමාර දිසානායක

Generic placeholder image

තම පාලනයක් යටතේ මෙරට අමාත්‍යධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25 කට සීමා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සමස්ත ලෙස රටේ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා. ඒ සඳහා වන විද්‍යාත්මක වැඩපිළිවෙල තමන් ඇතුළු ජාතික ජනබලවේගය සතු වන බවයි ඊයේ සියත ටී වී ඔස්සේ විකාශය […]


Jan
26

ශිල්ප අභිමානී 2021 සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

Generic placeholder image

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් “ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන […]


Jan
26

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Generic placeholder image

හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය යන සේවා එකාබද්ධ වෘත්තීය සමිති 16 ‍ක් අද (26) උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින් ද වර්ජනයට එක්ව සිටිනවා. කෙසේ වෙතත් වර්ජනය පැවතිය ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පවසන්නේ.


Jan
26

ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

Generic placeholder image

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා‌. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී ප්‍රනාන්දු මහතා විසින් නව පත්වීමට අදාළ ලිපිය අබේසේකර මහතා වෙත පිරිනමා තිබෙනවා. රොහාන්ත අබේසේකර මහතා විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයායි. ඔහු මීට පෙර අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.


Jan
26

අජිත් රෝහණට යළිත් තනතුරක්

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ ඔහු විසින් දරන ලද අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


Jan
26

ආසාදිතයින් 891ක්

Generic placeholder image

ඊයේ (25) දිනයේ කොරෝනා ආසාදිතයින් 891ක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණ සිටි හඳුනාගත් පුද්ගලයන් 03 දෙනෙකු ද සිටින බව එම වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 603,654ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post