News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Jan
31

ආසාදිතයින් 1056ක්

Generic placeholder image

ඊයේ (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1056ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
31

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


Jan
30

ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

Generic placeholder image

ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, ඉදිරියේදී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.


Jan
30

අද කාලගුණය

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි […]


Jan
29

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දන්වා ඇත. […]


Jan
28

ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6923ක්

Generic placeholder image

ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6923ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරනවා. ඒ අනුව සියලු දෙනාම එක්ව ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වාලීමට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.


Jan
28

ගාලු වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කෙරේ

Generic placeholder image

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කරන අතර එහි නව දිය කඩනයක්ද ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එමගින් අලුතින් හෙක්ටයාර් 40 ක් වරායට හිමිවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් තාක්‍ෂණය ඔස්සේ විදේශ ආයෝජකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය වුණා. වරාය ඉදිකිරීම් වසර 05 ක් ඇතුළත […]


Jan
28

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Jan
28

ආසාදිතයින් 942ක්

Generic placeholder image

ඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 607,104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
28

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. සබරගමුව සහ දකුණු පළාතේත්, කළුතර සහ කුරුණෑගල […]


Jan
27

ආසාදිතයින් 249ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 249 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බවසෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 577,030ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post