News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

26කට මරු කැදවූ විදුලි රැහැන

Generic placeholder image

කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. වෙළෙඳපොළක සිටි පුද්ගලයින් පිරිසක් මතට එම විදුලි රැහැන කඩා වැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Feb
3

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24 ට අදාළව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඊට අමතරව දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල […]


Feb
2

විදේශ මුදල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට හැකිවිය. මොවුන් අද දින emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. වැඩිදුර පරීක්ෂා […]


Feb
2

අද ලෝක තෙත් බිම් දිනයයි

Generic placeholder image

ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. 1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි. ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය […]


Feb
2

රටවල් ඉදිරියේ දණ නොගසන ආර්ථිකයක් හදන හැටි කියන විපක්ෂ නායක

Generic placeholder image

ඩිජිටල් ආර්ථික විප්ලවයක් නිර්මාණය කළහොත් ඉතා කඩිනමින් ශක්ති සම්පන්න සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බවත්, කිසිම රටක් අභියස අබියස දණ නොනමා අභිමානයෙන් නැගී සිටිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණික දියුණුවක් අත්පත් කරගැනීමට සමගාමීව ඉංග්‍රීසි සාක්ෂරතාවය වර්ධනය කර ගැනීමත් අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකතුමා සිය පක්ෂය ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු […]


Feb
2

ආසාදිතයින් 1,137ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 612,322ක් දක්වා ඉහළගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,000 බවය.


Feb
2

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේක්තුව සඳහන් කරනේනේ, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවය. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල […]


Feb
1

මිනිත්තුවට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් මිලට ගන්න මිනිස්සු

Generic placeholder image

ප්ලාස්ටික් භාවිතය පිළිබදව ජනතාව විවිධ අයුරින් දැනුවත් කරලා තියෙනවා. එත් ඒවා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් තියෙනවා. ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දුෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වන විට විවිධ පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විශාලත ම වාර්තාවේ සදහන් වෙනවා. නමුත් බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා […]


Feb
1

කොවිඩ් ආසාදිතයින් 1082ක්

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි. මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.


Feb
1

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. […]


Jan
31

යළිත් සක්‍රීය වූ නොරොච්චෝලේ

Generic placeholder image

බොහෝ දෙනා බලාපොරොත්තු වූ නොරොච්චෝලේ අද යළි සක්‍රීය වුණා. මෙගා වොට් 300 ක ධාරිතාවයෙන් මෙගා වොට් 160 ක ප්‍රමාණයක් අද ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා. ඉතිරි මෙගා වොට් ප්‍රමාණය ද ඉදිරි දිනවල ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. නොරොච්චෝලෙන් මෙගා වොට් 160 ක් ලැබුණ ද විදුලි කප්පාදුව පිළිබඳව අද දින යළි සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම […]


Jan
31

ජලය සම්බන්ධ අනතුරු වලක්වා ගන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

Generic placeholder image

මේ දිනවල බොහෝ ප්‍රදේශවලින් ජලය සම්බන්ධ අනතුරු වාර්තා විය. එසේම විවිධ මාධ්‍ය ආයතන මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දියේ ගිලීම් සම්බන්ධ අනතුරු පිළිබද විමසීම ද සිදුකර ඇත. ජනතාව මේ සම්බන්ධයන් දැනුවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් පසුගිය දින කිහිපයේ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර යෞවන වියේ […]


News Articles
Latest Videos
Most Popular Post