News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

වැසි වාර කිහිපයක්

Generic placeholder image

උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතිනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. […]


Feb
8

රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක්

Generic placeholder image

කොවිඩ් සඳහා සිදු කරන රැපිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් රට තුළ ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වය හමුවේ රෝග ලක්ෂණ ඇත්නම් නිවසට වී විවේකීව කාලය ගත කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටින්නේ. ඊයේත් 1000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණා.


Feb
8

මුදල් ඇමතිට විපක්ෂ නායකගෙන් පාඩමක්

Generic placeholder image

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අසනු ලැබූ ප්‍රශ්නය පහතින්, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණක්. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ […]


Feb
8

අමරණීය හඬ ඇති “බොලිවුඩයේ නයිටිංගේල්”

Generic placeholder image

භාරතීය ගීත කෝකිලාවිය, ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්‍රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය යන නාමයන්ගෙන් හැඳින් වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය දෙස් විදෙස් ජනතාවගේ දෙසවන් පින වූ සම්මානිත ගායිකාවකි. ඇයගේ ජීවිත කාලය තුළ ඇගේ සුමියුරු හඩ මුසු කර ගීත තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ගායනා කර රසිකයන්ගේ නොමද ආදරය දිනා ගැනීමට සමත් විය. ලතා මංගේෂ්කාර් 1929 […]


Feb
8

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Feb
7

සුව වූ ආසාදිතයින් 454 ක්

Generic placeholder image

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 454 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 581,659 ක් දක්වා ඉහළගොස් ඇත.


Feb
7

සෞඛ්‍ය අංශ කිහිපයක් වර්ජනයේ

Generic placeholder image

හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 7 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.


Feb
7

2021 උසස් පෙළ විභාගය අද ඇරඹේ

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වේ. අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව විභාගය ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. විභාග […]


Feb
7

පළාත් කිහිපයකට තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සමරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට […]


Feb
6

ආසාදිතයින් 1,287ක්

Generic placeholder image

ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,287ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 617,189ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Feb
3

පෙර පාසල් සාමාන්‍ය පරිදි

Generic placeholder image

2022 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී එයට මූලිකත්වය ලබා දෙමින් විභාග කටයුතු සඳහා ශාලා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව මත ප්‍රාථමික අංශ සහ ප්‍රාථමික විදුහල් වසා තැබීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ලිපියට සමගාමීව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය […]


Feb
3

මිනිසා බිහිවීමටත් පෙර පෘතුවියෙහි රජ කළ දැවැන්තයා

Generic placeholder image

ලොව පහළ වූ දරුණුතම විලෝපියයා ලෙස හැඳින්වෙන ජුරාසික යුගයේ විසු T-Rex ඩයිනොසරයාට පෙර කිඹුලා පෘතුවියෙහි රජ කරන්නට ඇති බව නවතම විද්‍යාත්මක සොයා ගැනීම් අනාවරණය කරයි. මේ අනුව කිඹුලාට මහ පොළවෙහි අයිතිය ඇත්තේ මිනිසා බිහිවීමට වසර මිලියන 200කට පමණ පෙර සිට ය. ඩයිනෝසරයන් පමණක් නොව ඊට පසුව බිහි වූ බොහෝ සත්ත්ව ප්‍රභේද පවා මිහිමතින් තුරන් වෙත් […]


News Articles
Latest Videos
Most Popular Post