News Line| Off Air
Generic placeholder image

Jan
14

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වර්ජනයක

Generic placeholder image

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබෙනවා.


Jan
14

ආසාදිතයින් 594ක්

Generic placeholder image

ඊයේ (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 594ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,319ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
14

තෛපොංගල් දිනය අදයි

Generic placeholder image

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී […]


Jan
14

දුම්රිය වර්ජනය අවසන්

Generic placeholder image

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා . ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.


Jan
14

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත […]


Jan
13

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ සංචාරයක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගම් පරිශ්‍රයේ සංචාරයක වී ඇත. ජනාධිපතිවරයා එහිදී සමාගමේ ඉහළ නිලධාරීන් සමඟද සාකච්ඡා කරමින් සිටි බවටයි තොරතුරු වන්නේ.


Jan
13

දුම්රිය ස්ථානාධිපතිවරුන් මහ රෑ වර්ජනයක් අරඹයි – රට පුරා මගීන් අතරමං වෙයි

Generic placeholder image

දුම්රිය ස්ථානාධිපතිවරුන් හිටි හැටියේ මහ රෑ වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ වන විටත් තැපැල් දුම්රිය කිහිපයක් ධාවනය වෙමින් පැවැතුණා. හදිසියේ ම රෑ 12 ට ආරම්භ කළ වර්ජනය නිසා මිනිසුන් මහ රෑ තැන තැන අතරමං වුණා. මේ වන විට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 200 වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා. වර්ජන තුළින් පීඩා විදින්නේ අහිංසක මිනිසුන් බව […]


Jan
13

ආසාදිතයින් 653ක්

Generic placeholder image

ඊයේ (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 653ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,725ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
13

ප්‍රදේශ රැසකට වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]


Jan
12

ජැකොවික් අසත්‍ය තොරතුරු ලබා දුන් බවට වරද පිළිගනී

Generic placeholder image

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව පිළිගෙන තිබෙනවා. මෙය සිදු වී ඇත්තේ ඔහුගේ නියෝජිතයාගේ වරදින් බවයි නොවැක් ජැකොවික් පවසන්නේ. සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ට මීට දින කීපයකට පෙර ඔස්ට්‍රේලියානු රැදවුම් භාරයේ සිටීමට සිඳු වුණා. ඒ ඔහුට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්. දින කීපයක් පුරා […]


Jan
12

ආසාදිතයින් 159ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 159 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළගොස් ඇත.


Jan
12

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කරයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කර තිබෙනවා. මින් අඩකට වඩා ප්‍රමාණයක් පසුගිය සතියේ හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සෙනසුරාදා දිනය තුළ පමණක් පළමු වරට ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල නැවත කොවිඩ් සීමා හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. එසේ ම රෝහල්වල හදිස්සි […]


News Articles
Latest Videos
Most Popular Post