කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතික පෙන්වීමට අපොහොසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා. එහෙත් ඊයේ(10) එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජෙකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.
ඊයේ (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 592,128ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් […]
ගෑස් සහ කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට, පෝලිම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට, විදුලියෙනුන් බැට කෑමට සිදු වන වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී අවසන්. ඒ අනුව අද සිට විදුලි කප්පාදුවකට යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අවසරයත් […]
ඊයේ (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 436ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,667ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා විසින් අද කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කළා. අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා.
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද […]
රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 66 වන වියේ පසු වුණා.
ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 77 හැවිරිදි වියේ පසු වුණා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වනවා.
ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 580ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. බස්නාහිර […]
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා.