News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

රායි සුළි කුණාටුව පිලිපීනයට

Generic placeholder image

පිලිපීනයට රායි සුළි කුණාටුව කඩා වැදී තිබෙනවා. මෙය පිලිපීනයට බලපෑ ප්‍රබලම සුළිකුණාටුව බවයි වාර්තා වන්නේ. සුළි සුළඟ හමායන ප්‍රදේශයේ ගම්මාන දස දහසක් පමණ තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පැයට කිලෝ මීටර් 185ක පමණ වේගයකින් රායි ගමන් කරන බව වාර්තා වනවා. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති අතර බොහෝ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් […]


Dec
17

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

බ්‍රිතාන්‍යයට ශීත ඍතුව ආරම්භ වී තිබෙනවා. ශීත ඍතුව ආරම්භයත් සමඟ නව කොවිඩ් රැල්ලක් ද ආරම්භ වුවා. මෙවර කොවිඩ් ව්‍යාප්තියේ විශේෂත්වය වනුයේ කොවිඩ් ප්‍රභේද දෙකක් දක්නට ලැබීමයි. ඒ කොවිඩ් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදයි. ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතයින් 442378 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 88,000කට වැඩියෙන් වාර්තා වූ […]


Dec
17

ජපානයේ ඔසාකා ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ගින්නක්

Generic placeholder image

ජපානයේ, ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 27 දෙනෙක් මියගොස් ඇතැයි එරට බලධාරීන් පවසයි. ගින්න ට හසුව මියගිය සියලුදෙනා එම ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ ස්ථාපනය කර තිබු වෛද්‍ය සායනයකට පැමිණ සිටි අය බව බලධාරීන් පැවසීය. මෙය තට්ටු අටක ගොඩනැගිල්ලක්. එහි සිව්වන මහලෙහි ගින්න හටගත් බව ගිනි නිවන හමුදාව ප්‍රකාශ කරනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගින්න […]


Dec
17

ෆේස්බුක් සමාගම විසින් මෙරට සංවිධාන 3ක් වාරණය කරයි

Generic placeholder image

මෙරට සංවිධාන 3ක් ෆේස්බුක් සමාගම වාරණය කර තිබෙනවා. වාර්ෂික යාවත්කිරීම යටතේ එල් ටී. ටී. ඊ සංවිධානය කිසිඳු ප්‍රචාරණයක් මුහුණු පොතේ සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එසේම බොදු බල සේනා සංවිධානය සහ එහි කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳව ද මුහුණු පොතේ සටහන් කිරීම වළක්වා තිබෙනවා. ඊට අමතරව සිංහලේ ජාතික බලමුළුව ද මුහුණු පොතේ වාරණයට […]


Dec
17

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හමු වෙයි

Generic placeholder image

ඔමික්‍රෝන් වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු මෙරටින් තහවුරු වී ඇති බව ආචාර්ය චන්ද්‍රිම ජීවන්දර මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිනයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙරට එන්නත්කරණ වැඩසටහන අගය කර තිබෙනවා.


Dec
16

ඔස්ට්‍රේලියාවේ වායු සෙල්ලම් ගෙයක් සුළඟට ගසාගෙන ගොස් දරුවන් 04 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ වායු පිර වූ ප්ලාස්ටික් සෙල්ලම් ගෙයක් සුළඟට ගසා ගෙන ගොස් තිබෙනවා. එහි සිටි කුඩා දරුවන් අඩි 32 ක් ඉහළට ගසාගෙන ගොස් පහළට වැටී තිබෙනවා. එහි සිටි දරුවන් 04 දෙනෙකු මිය ගොස් ඇති අතර 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 2019 වර්ෂයේ චීනයේ දී ද මෙවැනි අනතුරක් සිදු වී තිබෙනවා.


Dec
16

මැලේසියාවට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලී 11 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

මැලේසියාවට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරළී තිබෙනවා. එහි සිටි සංක්‍රමණිකයින් අතුරින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. 14 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට මැලේසියානු සමුද්‍ර ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. තවත් 25 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දුනීසියාව සහ මැලේසියාව අතර මෙවන් අනතුරු දිගින් දිගටම වාර්තා වනවා. මැලේසියානු කර්මාන්තශාලා සහ වතුකරයේ රැකියා සොයා යන පිරිස් මෙසේ අනතුරට පත් […]


Dec
16

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටෙයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් සංචිත නැතිකම, ජාත්‍යන්තර ආධාර පමාවීම ආදී කරුණු රාශියක් නිසා රට තුළ බරපතල අහාර සේම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට කුඩා දරුවන් දහස් ගණනක් මන්දපෝෂණය නිසා මරණයේ දොරකඩට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කරන්නේ.


Dec
16

ආසාදිතයින් 772ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයන් 772දෙනෙක් ඊයේ (15) දිනයේ වාර්තා වී ඇත. මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.


Dec
15

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Generic placeholder image

මාගම් රුහුණු පුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්දිත ගබඩා සංකීර්ණය වන හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ආරම්භ කෙරුණා. හෙක්ටයාර් එකක භුමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම් සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සමරු පලකය නිරාවරණය කළා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියෝ මහතාගේ […]


Dec
15

ආසාදිතයින් 582ක්

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,014ක් දක්වා ඉහළගොස් තිබේ.


Dec
15

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇත. දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට […]


News Articles
Latest Videos
Most Popular Post