News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

Generic placeholder image

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර ඇත. එහි සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් වැඩිකිරීමට තීරණය වු බවය.


Dec
21

රජයේ වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Generic placeholder image

අද (21) පෙරවරු 08 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කළේය.


Dec
21

එන්නත් කාඩ්පත අනිවාර්යයි

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. එහි දක්වා ඇත්තේ, ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කෙරෙන බවය.


Dec
21

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ […]


Dec
20

චිලි හි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ගේබ්‍රියල් බොරික්ට

Generic placeholder image

චිලි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ගේබ්‍රියල් බොරික් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු වාමාංශිකයෙක් ලෙස ප්‍රකට අතර දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් අභිබවා යෑමට සමත් වී තිබෙනවා. මේ වනවිට නිකුත්කර ඇති මැතිවරණය ප්‍රතිඵල අනූව බොරික් 56%ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා 44%ක් ලබාගෙන තිබෙනවා. මේ වනවිට 35 හැවිරිදි බොරික් ලොව සිටින අඩු වයසැති දේශපාලන […]


Dec
20

පිලිපීනයේ රායි සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 208ක් දක්වා ඉහළට

Generic placeholder image

පිලිපීනයට බලපෑ රායි සුළි කුණාටුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 239ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් රට පුරා සන්නිවේදන කටයුතු ද ඇන හිටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Dec
20

ගෑස් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව අද ජනපතිට

Generic placeholder image

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දීමට නියමිතව තිබෙනවා. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තා වුණා.


Dec
20

රජයේ වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික්ක 05 ක වැඩ වර්ජනයක – රෝගීන් අසරණ වෙයි

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ දිස්ත්‍රික්ක 05 ක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. නිසි විසදුම් ලැබුණේ නැත්නම් දීප ව්‍යාප්තව වර්ජන ක්‍රියාමාර්ග සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.


Dec
20

අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ගන්න කූපන් ක්‍රමයක් වාසුගෙන්

Generic placeholder image

යළි කූපන් ක්‍රමයක් ඇති වීමේ පෙර ලකුණු පහළ වෙමින් තිබෙනවා. ඉන්ධන සඳහා කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. මීට අමතරව අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. ඒ මාළඹේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.


Dec
20

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 842,400ක් තොගයක් රැගෙනවිත් තිබේ. අද (20) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.


Dec
20

දින තුනක් තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් දෙගුණ වෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

දින තුනකින් පසුව ඔමික්‍රෝන් ආසාදිතයින් දෙගුණ වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආපනශාලා, ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය නොවන වෙළදසැල් සහ සේවා ජනවාරි මස 14 වනදා දක්වා […]


Dec
18

අද කාලගුණය

Generic placeholder image

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. […]


News Articles
Latest Videos
Most Popular Post