News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

දැනට තියෙන එන්නත් වලට ඔමික්‍රෝන් බයවේවි – ස්ටෙෆන් කියයි

Generic placeholder image

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනයට දැනට ඇති එන්නත් වලට හැකියාව ඇතැයි මොඩර්නා හි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසනවා. ඉදිරි සති දෙක තුළ විද්‍යාඥයින් ඔමික්‍රෝන් ගැන සියලු සත්‍යයන් අනාවරණය කර ගනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා මේ වන විට විවිධ ආරක්ෂණ පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.


Dec
1

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි […]


Dec
1

මංගල උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරයි

Generic placeholder image

නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව එළිමහනේ පැවැත්වීමට ධෛර්යමත් කර ඇති අතර එළිමහන් විවාහ උත්සවවල ආරාධිතයන් සංඛ්‍යාව මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250ක් දක්වා ලිහිල්කර තිබේ. මීට පෙර ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර හිමිවූයේ 150ක පිරිසකට පමණි. නව මාර්ගෝපදේශවලට අනුව උත්සව ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200ක් මංගල උත්සවය සඳහා සහභාගී […]


Nov
30

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝසි සිය ධූරයෙන් ඉල්ලා අස් වේ

Generic placeholder image

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝසි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස් වීමට හේතුව සෘජුවම පැහැදිලි කර නැතත් ඔහුගේ හිස්වන ධූරයට දැනට සිටින තාක්ෂණික ප්‍රධාන නිලධාරියා පත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ සිට ට්විටර් ආයතනය තුළ සිදු වූ යම් යම් වෙනස්වීම් හේතුවෙන් මේ තීරණය ගන්නට ඇති බවයි වාර්තා වන්නේ.


Nov
30

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි තත්වයක්

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය […]


Nov
30

ආසාදිතයින් 745 ක්

Generic placeholder image

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 745ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.


Nov
29

කොවිඩ් මරණ 23ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,328කි.


Nov
26

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවට සමීපයි – සහකාර ලේකම් කලීඩ්, ජනපති ගෝඨාභය හමුවේ කියයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. මෙහිදී සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.


Nov
26

අවි පෙන්වන්න ගිය ටින්කර් පොලිස් වෙඩි පහරින් මරුට

Generic placeholder image

පාතාල කල්ලි සාමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. කලුතර ප්‍රදේශයේ පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.


Nov
25

සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවන දිනටත් වර්ජනයේ

Generic placeholder image

සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම වර්ජනය නිසා අද දිනයේත් දැඩි පීඩාවට ලක් වූයේ අසරණ රෝගී ජනතාවයි.


Nov
24

ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි

Generic placeholder image

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2% ක් ලෙසයි. උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.


Nov
23

නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය

Generic placeholder image

2021.11.08 දින සිට 2021.11.18 දින දක්වා නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය පහත පරිදි වේ. කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර හා අලෙවි සැල් වසාදමා තිබූ කාල සීමාව තුල දිවයින පුරා නීති විරෝධී මත්පැන් කර්මාන්තයෙහි සීග්‍ර වර්ධනයක් ඇති වූ බව නිරීක්ෂණය කරන ලදි. සුරාබදු බලපත්‍ර ලත් […]


News Articles
Latest Videos
Most Popular Post