News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

තායිලන්තයෙත් ඔමික්‍රෝන් ආසාදිතයෙක්

Generic placeholder image

තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබෙනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Dec
7

2021 ස්වර්ණ පුස්තක සම්මානය භේරුණ්ඩ කැදැල්ල ග්‍රන්ථයට

Generic placeholder image

2021 ස්වර්ණ පුස්තකය සඳහා වන සම්මානය රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත භේරුණ්ඩ කැදැල්ල නමැති ග්‍රන්ථයට හිමිවිය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන 15 වන ස්වර්ණ පුස්තක 2021 සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.


Dec
7

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව […]


Dec
6

අවුන් සාන් සුකී ට වසර 4ක සිරදඬුවම්

Generic placeholder image

බලයෙන් පහකර මියන්මරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට වසර හතරක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණා.


Dec
6

ලොව දෛනික වැඩිම කොවිඩ් රෝගීන් අමෙරිකාවෙන්

Generic placeholder image

අමෙරිකා එක්සත් ජනපදය තුළ යලිත් දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන නව දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. වෛරසය හේතුවෙන් දිනකට පුද්ගලයන් 1600 ක් පමණ මිය යා හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන්නේ. මින් පෙර මසකටත් වැඩි කාලයක් තුළ වාර්තා වූ මරණ […]


Dec
6

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අද (06) දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු-මැද පළාතෙත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ […]


Dec
3

ජල සැපයුමටත් බාධා

Generic placeholder image

විදුලිය බිඳවැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීමත් සමග අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවය. විදුලිය බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවලට විදුලි උත්පාදන කටයුතු ස්වංක්‍රීයව නතර වී තිබේ.


Dec
3

රට පුරාම විදුලි බිඳ වැටීමක්

Generic placeholder image

මේ වන විට රට පුරාම විඳුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. යථා තත්ත්වයට පත් කිරීමට කෙතරම් වේලාවක් ගත වනු ඇත්දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.


Dec
3

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) පෙරවරුවේ ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ. මියයන විට සම්පත් තෙන්නකෝන් මහතා 62 වන වියෙහි පසුවුණි. සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයාය.


Dec
3

ඉන්දියාවෙත් ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙක්

Generic placeholder image

ඉන්දියාවේ කර්ණාටක ප්‍රන්තයෙන් ද ඊයේ (02) ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බව වාර්තා වනවා. මේ වන විට රටවල් 29 කින් ඔමික්‍රෝන් අසාදිතයින් හමු වී තිබෙනවා.


Dec
3

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.


Dec
2

ආසාදිතයින් 341 ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 341 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 541,124ක් දක්වා ඉහළගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post