යම් විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් සවස 04 න් පසු අලුත්වැඩියා කරන්න යන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා. නීතිය වෙනුවට කැලෑ නීතියට එරෙහිව තමන් සටන් කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. එම ගෑස් අනතුරු ගැන සෙවීමට ජනාධිපතිවරයා ඊයේ විශේෂ කමිටුවක්ද පත් කළා. මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ උපදේශක කාරක සභාවද අද රැස්වුණා. ඒ ගෑස් අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. මේ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ගෑස් පිළිබඳ වාර්තාව ඊයේ සවස ලබා දී තිබුණා.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පවසනවා.
ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනයට දැනට ඇති එන්නත් වලට හැකියාව ඇතැයි මොඩර්නා හි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසනවා. ඉදිරි සති දෙක තුළ විද්‍යාඥයින් ඔමික්‍රෝන් ගැන සියලු සත්‍යයන් අනාවරණය කර ගනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා මේ වන විට විවිධ ආරක්ෂණ පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි […]
නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව එළිමහනේ පැවැත්වීමට ධෛර්යමත් කර ඇති අතර එළිමහන් විවාහ උත්සවවල ආරාධිතයන් සංඛ්‍යාව මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250ක් දක්වා ලිහිල්කර තිබේ. මීට පෙර ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර හිමිවූයේ 150ක පිරිසකට පමණි. නව මාර්ගෝපදේශවලට අනුව උත්සව ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200ක් මංගල උත්සවය සඳහා සහභාගී […]
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩෝසි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස් වීමට හේතුව සෘජුවම පැහැදිලි කර නැතත් ඔහුගේ හිස්වන ධූරයට දැනට සිටින තාක්ෂණික ප්‍රධාන නිලධාරියා පත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ සිට ට්විටර් ආයතනය තුළ සිදු වූ යම් යම් වෙනස්වීම් හේතුවෙන් මේ තීරණය ගන්නට ඇති බවයි වාර්තා වන්නේ.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය […]
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 745ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,328කි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. මෙහිදී සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.
පාතාල කල්ලි සාමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. කලුතර ප්‍රදේශයේ පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.