News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් […]


Dec
10

මධ්‍යම මෙක්සිකෝවේ කන්ටේනර් අනතුරකින් 53 දෙනෙකු මිය යයි

Generic placeholder image

මෙක්සිකෝවේ දී සංක්‍රමණිකයන් රැගත් කන්ටේනරයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම කන්ටේනරය තුළ සැඟවී අමෙරිකා එක්සත් ජනපද දේශසීමාව වෙත ලඟා වීමටයි මෙම පිරිස උත්සහ දරා ඇත්තේ. කන්ටේනරය තුළ 100කට වැඩි පිරිසක් සැඟවී පලායමින් සිට තිබෙනවා. අනතුරෙන් 53 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් තුවාල ලැබූ සංක්‍රමණිකයන් 58 දෙනෙකු රෝහල් ගත කර […]


Dec
10

දිවයින පුරා 30ට වැඩි පිරිසට තෙවන මාත්‍රාව ලබා දීම අද සිට

Generic placeholder image

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබා දීම අද ඇරඹුණා. දෙවන එන්නත ලබා ගෙන මාස 3ක් ගිය පසු බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.


Dec
10

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

Generic placeholder image

අයවැය තුන්වනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. අද පස්වරුවේ අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කල පැනයකට මුදල් අමාත්‍යංශය දෙවන වරටත් කල් ඉල්ලීම හමුවේ මන්ත්‍රීවරයා සිය අප්‍රසාදය පළ කළා. සංචාරක ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලුව පිළිබදව ද අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කෙරුනා.


Dec
10

විදුලි සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශයෙන් නිවේදනයක්

Generic placeholder image

විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.


Dec
10

ආසාදිතයින් 744ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙක් ඊයේ (09) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 570,672ක් දක්වා ඉහළගොස් තිබේ.


Dec
9

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, […]


Dec
9

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේ දී කඩා වැටේ

Generic placeholder image

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රවාට්ස් ගමන් ගත් එම්. අයි 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සුලූර් හිදීයි. මෙම හෙලිකොප්ටර් යානයේ 14 දෙනෙකු ගමන්ගත් බවයි වාර්තා වන්නේ. ඉන් 13 දෙනෙකුම මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.


Dec
8

ලොවක් කම්පා කළ ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවසන් කටයුතු අද පස්වරුවේ

Generic placeholder image

පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට නියමිතයි. අදත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ඊයේ සවස පාකිස්තානයේ දී විශේෂ ගුණසමරු උත්සවයක් ද පැවත්වුණා. ඊට එක්වූ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ යළි තමා සිටින තාක් මෙවන් ඝාතන සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි.


Dec
8

ආසාදිතයින් 748ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයන් 748 දෙනෙක් ඊයේ (07) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 569,171කි.


Dec
8

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් […]


Dec
7

සජබ මන්ත්‍රීවරුන් නැතිව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුව රැස් වෙයි

Generic placeholder image

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඒ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සිදු කලේ යැයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල්කර ගනිමිනුයි. අදත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.


News Articles
Latest Videos
Most Popular Post