දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බවයි පැවසෙන්නේ. හෙට පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 563 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 521,781ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
රහස් මුල්‍ය ගනුදෙනු පිලිබදව තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් කරනු හෙළිව තිබීම අතිශය බරපතල තත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිදරව් කරන්නැයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනය හරහා සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්,
මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය. වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.
නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ආගමනය හා විගමන දෙපාර්තුමේන්තුවේ සේවාලාභින් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,767 යි සත 65 ක් ලෙසයි.