උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කරනවා. මේ අනුව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ධාවනයට එක් කෙරෙන බවයි පැවසෙන්නේ. මේ අතර කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වදීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන අතර මේ වසරේද මෙම තරගාවලිය මේ මාසයේ ආරම්භ වීමට සියලු කටයුතු සුදානම්, අද අපි කතා කරන්නේ 2007 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලෝක කුසලාන තරගාවලි සදහා නිර්මාණය කෙරුණු නිල ලාංඡනයන් පිලිබදව සොයා බැලීමටයි. අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ඒ අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා – ඕමාන් කණ්ඩායම අතර පළමු T20 තරගය අද ආරම්භ වීමට නියමිත අතර ඒ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී.. අද සවස 4.00 ට මෙරට වේලාවෙන් තරග ආරම්භය සිදු කරනු ලබයි..
මෙරට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති අතර එම භූ චලනය පාකිස්ථානයේ, බලොකිස්ථාන් පළාතේ යි. එය මැග්නිටියුඩ් ඒකක 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව පැවසෙනවා.
මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන යටතේ වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට අදාල එන්නත් ලබාදීම සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 582 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 522,582ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හිමිව තිබෙනවා. ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 475 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළගොස් තිබෙනවා.