කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2021 වසරේ අප්‍රේල් මස 1 වනදායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වී 2022 මාර්තු […]
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,
සහල් සඳහා පාලන මිල ඉවත් කිරීමට අදාලව තවත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික අධිකාරිය විසින්.
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාවපවතින බැවින්,හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි […]
මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරා ගැනීමට ලාංකික ධීවරයින් පිරිසක් සමත්ව තිබෙනවා. සෝමාලියානු ධීවරයින්ගේ බෝට්ටුව ගැඹුරු මුහුදේ මිට මාස 04කට පමණ පෙර ආපදාවකට ලක්ව තිබෙනවා.. එම කාල සීමාව තුළ ඔවුන් කැස්බෑවුන් ආහාරයට ගෙන කුසගින්න නිවාගෙන ඇති බවයි පැවසෙන්නේ. සෝමාලියානු ධීවරයින් සිවු දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ගොඩබිමට […]
ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් කොවිඩ් – 19 රෝගීන්ට පහසුකම් රැසක් සැපයීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කෙටි පණිවිඩ , ගිලන් රථ හා වෛද්‍ය උපදෙස් 1904 කෙටි පණිවිඩ අංකය හරහා පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා.
ඉන්දීය T20 කණ්ඩායමේ වත්මන් නායක වීරත් කෝලි ලෝක කුසලාන තරගාවලියෙන් පසු T20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණා. මේ වන විට ඔහු ඉවත්වීමෙන් පසු හිස්වන එම තනතුර සදහා රෝහිත් ශර්මා සුදුසු බවට බොහෝ දෙනා මත පළ කරනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් හිටපු ප්‍රවීණ ක්‍රිඩක සුනිල් ගවස්කාර් සදහන් කරන්නේ, මීළඟ නායකත්වය සඳහා සුදුසුම ක්‍රිඩකයා වන්නේ ආරම්භක පිතිකරු […]
ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනු ලබනවා. ඒ අනුව ඉදිරියේදී රට විවෘත කිරීමේදී ජනතාව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සිය ජිවිත කාලය තුලදී අන් අයට උපකාර කිරීමට ලැබීම හා ඒ තුළින්ම තමන් නිහතමානීව සතුටුවීම හැමෝටම කරන්න බැරි දෙයක්.. මේ ඒ ගැන කතාවක්..
රටක් ලෝකයක් දැන් හදුනන ගායිකාවක් ලෙස යොහානි ද සිල්වා හැදින්විය හැකිය.. ඇයට ලෝකයක් ආදරය කරන්නට පටන් ගත්තේ මැණිකේ මගේ හිතේ COVER song එකක් සමගයි.. කෝටිය ඉක්මවා ගිය ප්‍රේක්ෂක නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි මෙම ගීතය නිසාවෙන් ඇය ජාත්‍යන්තරය පවා ජයගෙන ඇත.. මේ වන විට යොහානි ඉන්දීය සංගීත අවකාශයට ද ප්‍රවිෂ්ට වී ඇති අතර අද දිනයේ ඇය […]
චීන සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් පල කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කලේ, “අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි […]