අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘සුවැති දිවියක් සඳහා හදවතින්ම සබැඳෙමු’ යන්නයි. හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව මෙරට 45,000 ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.. බෝ නොවන රෝග අතර මෑත වකවානුව තුල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කල රෝගයක් ලෙස හෘද රෝග සැලකේ.. සෑම වයසකම පාහේ පුද්ගලයින්ට මෙම රෝගී තත්වය ඇතිව්මේ අවදානම වර්ධනය […]
සහල් සදහා පැන වූ පාලන මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.
රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීමට අදාලව නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරනවා.
රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.මේ පිලිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
තරබාරු බව මේ වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් අත්විදින ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එය කායික මෙන්ම මානසිකව ද මිනිස්සුන් අත්විදින අතර තරබාරු බවින් මිදීම සදහා ද බොහෝ දෙනා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. තරබාරු බව බොහෝ මාරන්තික රෝග වලට ප්‍රධාන සාධකයක් වන බව අමතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. අද අපි කතා කරන්නේ ලෝක වසංගතයක් බවට පත්ව […]
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
වරාය තුළ සිර වී තිබු අතවශ්‍ය ආහාර ද්‍රවය ඇතුලත් බහාලුම් 800න් 400ක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව එම බහාලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් සංචිත මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද දිනයේ ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්‍රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්‍රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්‍රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්.. අද කතාව ඒ ගැනයි..