කොවිඩ් -19 ආසාදිතයින් 642 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයෙන්. එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් ව තිබෙනවා.
තලෙබාන්වරුන් ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනමක් පනවා තිබෙනවා. මේ අනුව විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම එරට ජනතාවට තහනම් කර තිබෙනවා. අදාල නීතිය කඩන සියලු වැසියන්ට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති බැවින් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසත් දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා .
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.
ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. සංචාරක දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ […]
සෞඛ්‍ය වෘත්තීය සමිති අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අද දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
Google සමාගමේ 23 වෙනි උපන්දිනය අදට යෙදී තිබෙනවා. Google සමාගම 1998 වර්ෂයේදී අද වැනි දිනක මෙම සමාගම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එසේ ආරම්භ කිරීමට පුරෝගාමී වුයේ බ්‍රින් සහ ලැරී ජේජ් ය.. මේ වන විට ලොව පුරා පරිශීලකයින් භාවිතා කරන වෙබ් පිටු අතර පළමු තැන Googleට හිමි වේ..