කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 747 දෙනෙකු අද දිනය තුළ මේ දක්වා හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 513,278ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,680ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කලේ මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බවයි.
නිරෝධායන ඇදිරි නීතිය කැඩූ 376ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුල පොලිස් භාරයට වාහන 18ක් ද ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]
කොවිඩ් මර්දන විශේෂ කමිටුව විසින් රට විවෘත කිරීමේදී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
අපි ජිවිතේ හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.. බොහෝ අය තීරණ ගන්නකොට ඒවා නිවැරදි කියන විශ්වාසය මත අන් අයගේ මතයන්ට ඇහුන්කන් නොදී ස්වකිය මතයට පමණක් අහුකන් දී තීරණ ගන්නවා.. නමුත් කාලයක් යනකොට ඒ ගත්තු තීරණ තමාටම බොහෝ විට වැරදි යන හැගීම ඇති වෙනවා..මේක අපි හැමෝම අත් දකින අත්විදින දෙයක්.. ජීවතේ ගනු ලබන තීරණ අතර විවාහයත් […]
කොවිඩ් -19 ආසාදිතයින් 923 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 510,963ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 950 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
සෞඛ්‍ය උපදෙස් පරිදි අදියර 4ක් යටතේ පාසල් යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා