News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය,


Sep
28

ලෝක ජල භිතිකා දිනය අදයි

Generic placeholder image

ලෝක ජල භිතිකා දිනය අදට යෙදී තිබෙනවා. දැනුම බෙදමු – බිය දුරලමු යන්න මෙවර එහි තේමාව වන අතර ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුල ජල භිතිකා රෝගයෙන් මරණයට පත්ව ඇති පිරිස 17ක්.. එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි පැවසෙන්නේ.. කෙසේ වෙතත් මේ රෝගයෙන් ආරක්ෂා වීම සදහා දැනුවත් වීම, නිසි […]


Sep
28

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]


Sep
28

ආසාදිතයින් 642ක්

Generic placeholder image

කොවිඩ් -19 ආසාදිතයින් 642 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
27

අපි දැන් දන්නවා, මේ වෛරස් එක ලෝකෙට ගෙනාවේ කවුද කියලා

Generic placeholder image

කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,


Sep
27

ආසාදිතයින් 812ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
27

ග්‍රීසියේ භූ කම්පනයක්

Generic placeholder image

ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයෙන්. එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් ව තිබෙනවා.


Sep
27

තලෙබාන්වරුන් ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනම

Generic placeholder image

තලෙබාන්වරුන් ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනමක් පනවා තිබෙනවා. මේ අනුව විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම එරට ජනතාවට තහනම් කර තිබෙනවා. අදාල නීතිය කඩන සියලු වැසියන්ට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
27

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි – ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්

Generic placeholder image

දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති බැවින් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසත් දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා .


Sep
27

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද මෙරටට

Generic placeholder image

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.


Sep
27

ලෝක සංචාරක දිනය අදයි

Generic placeholder image

ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. සංචාරක දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.


Sep
27

දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම්

Generic placeholder image

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ […]


News Articles
Latest Videos
Most Popular Post