News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

තවත් කොවිඩ් මරණ 72ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් තිබෙනවා


Sep
23

ආසාදිතයින් 918ක්

Generic placeholder image

කොවිඩ් -19 ආසාදිතයින් 918 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 509,590ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
23

නිරෝධායන නීති කැඩූ 489ක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන නිති උල්ලංඝණය කළ පුද්ගලයින් 489 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී 29 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Sep
23

නිදහස් අධ්‍යාපනයේ පියා ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 52 වන අනුස්මරණ දිනය අදයි

Generic placeholder image

නිදහස් අධ්‍යාපනයේ පියාවන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට වසර 52 කි. මෙම සැමරුම් උත්සවය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුව අසල දී අද පැවැත්විණි. මෙහි දි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වන ලදී.


Sep
23

ආසාදිතයින් 16,720ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
23

ඒලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරේ

Generic placeholder image

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදබොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දේහය ආදාහනය කෙරුණි.


Sep
23

පාසැල් ආරම්භ කිරීම පිලිබදව හෙට දිනයේ ජනතාව දැනුවත් කිරීමක්

Generic placeholder image

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා, අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.


Sep
23

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්

Generic placeholder image

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අවසර හිමිව තිබෙනවා. දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු බවයි පැවසෙන්නේ.


Sep
23

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උපතින්ම ශබ්ද නෑසෙන ශ්‍රවණ ආබාධිත සියලු දෙනාට අනෙකුත් ජනතාව මෙන්ම ලෝකය […]


Sep
23

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Sep
23

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් එන්නත්කරණ වැඩ පිළිවෙලක් හෙට සිට

Generic placeholder image

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින්සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post