කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන සිදු කරනු ලබන ස්ථානයන් පහතින්,
වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී වෙඩිතබා 14 හැවිරිදි දරුවෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙන අතර ඔවුන් අද වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා පත්කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙස සටහන් වී ඇති අතර ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි පැවසෙන්නේ.
නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 76,636ක්.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]
ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..
කොළඹ ජීවිතය ගැන අපි අමුතුවෙන් ඔබට තේරුම් කර දිය යුතු නැත.. බොහෝ දෙනා කොළඹ එන්නේ ජීවිතය දිනන්න හිතාගෙන.. ඒ අතර සමහරු ජීවිතය දිනාගත් බව සදහන් කරයි.. සමහරු පරාජිත හැගීමෙන් සිටියි.. සමහරු දින ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.. ඒ ගැනයි මේ කතාව..
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 918ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව, තරගාවලියට ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20යි 20 තරග 02ක් ඇතුළත් වන බවයි පැවසෙන්නේ.