කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණ තිබෙනවා. ගගනගාමීන් නොවන පිරිසක් දීර්ඝතම අභ්‍යවකාශ ගමනක් සදහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වී අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව පැවසෙනවා. මෙම යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බිලියනපතියෙකු වූ ජෙරඩ් අයිසෙක්මෙන්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර අවුරුදු 23 ත් 57 ත් අතර වයස් අතර පසුවූවන් සිටින බවයි පැවසෙන්නේ.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන්. අද උදෑසන අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි. එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් […]
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,278 දෙනෙකු අද දිනයේ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 499,972ක් දක්වා ඉහළගොස් තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,186 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 429,776ක් දක්වා ඉහළගොස් තිබෙනවා.