News Line| Off Air
Generic placeholder image

Sep
17

නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කරයිද? නැද්ද ? තීරණය අද

Generic placeholder image

මේ වන විට පනවා ඇති සංචරණ සිමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ රැස්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ගනු ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරෙන බව පැවසෙනවා


Sep
17

යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන

Generic placeholder image

යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන පැවැත්වෙන ස්ථානයන් පහතින්,


Sep
17

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


Sep
16

ආසාදිතයින් 2,271ක්

Generic placeholder image

තවත් ආසාදිතයින් 889 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබෙන අතර අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,271ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Sep
16

තවත් කොවිඩ් මරණ 118ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
16

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග

Generic placeholder image

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග මෙරටින් වාර්තා වෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර රත්නත්පුර රෝහලෙන් රෝගීන් 3 ක්, ත්‍රිකුණාමලය රෝහලෙන් රෝගීන් 3 ක්, කොළඹ ජාතික රෝහලෙන් රෝගින් 4ක් සහ කරාපිටිය සහ කළුබෝවිල රෝහල්වලින් […]


Sep
16

ඥානසාර හිමිගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

Generic placeholder image

බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බව පවසමින් උන්වහන්සේ සිදු කල ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එය බරපතල කරුණක් බව සඳහන් කරමින් කතෝලික ආයතනය කියා සිටියේ උන්වහන්සේගේ ප්‍රකාශයන් […]


Sep
16

තවත් ආසාදිතයින් 1366ක් සුවය ලබයි

Generic placeholder image

තවත් ආසාදිතයින් 1366ක් සුවය ලබා තිබෙනවා. මේ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 428530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
16

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208 මිලිග්‍රෑම් 890ක්, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් 350,000ක්, මෝටර් රථයක්, ජංගම දුරකථන 06ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
16

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම්

Generic placeholder image

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සංකේතාත්මක උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජයගැනීමට සහාය වීම සහ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු විය. රුපියල් […]


Sep
16

සීනි ආනයනයට යළිත් අවසර

Generic placeholder image

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Sep
16

ඩුබායිහී දී පැවැත්වෙන IPL තරග ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කල් දමා තිබුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග මේ මස 19 වෙනිදා සිට නැවත ඩුබායිහී දී පැවැත්වෙන අතර තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථව හිමි වන බව තරග සංවිධාකයින් සදහන් කරනවා. ඒ සීමිත පිරිසකටයි. ඒ අනුව අද සිට තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව […]


News Articles
Latest Videos
Most Popular Post