වයස අවුරුදු 15 – 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඔන්ලයින් ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. මේ බව 119 හදිසි ඇමතුම් අංකය හරහාද දැනුම් දිය හැකි […]
චීනයේ නිරිත දිග සිචුවාන් ප්‍රාන්තයේ ඇතිවු භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ ඉදිරි පැය 72 තුළ එම කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල පසු කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවට චීන බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 01 ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම මේ එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහුට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන අතර එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බව ඒ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.
මේ වන විට පනවා ඇති සංචරණ සිමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ රැස්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ගනු ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරෙන බව පැවසෙනවා
යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන පැවැත්වෙන ස්ථානයන් පහතින්,
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
තවත් ආසාදිතයින් 889 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබෙන අතර අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,271ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළගොස් තිබෙනවා.