කලුතර බන්දනාගාරයේ D අංශයට තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් විසිකිරිමට පුද්ගලයෙකු පැමින ඵම තහනමි දුව්‍ය ඇතුලත් පාර්සලය D අංශය තුලට විසිකරනවා ආයතනයේ ccTv කැමරා පද්ධතියට නිරික්ෂණයවිමත් සමගම වහා කුියාත්මකවු ක්ෂේත්‍ර සේවා හා අවිඅංශයේ නිලධාරීන් එම තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය අත් අඩංගුවට ගත් අතර පාර්සලය රැගෙන ආ පුද්ගලයා පසු පස නිලධාරීන් හඔාගියමුුත් ඔහු අඩංගුවට ගැනීමට නොහැකි විය. […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට තරුණතරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගි […]
නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද වැඩ භාරගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.
තලේබාන් සංවිධානයේ නිර්මාතෘ හා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අතර බහින්බස් වීමක් ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම පිළිබද තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරයේදී එය සිදුව ඇතැයි තලේබාන් සංවිධානයේ උසස් නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබෙනවා.
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කෙරෙන එන්නත්කරන වැඩ සටහන පහත ස්ථාන වලදී පැවැත්වේ.
ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 121 කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.
අද දිනයේ දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 231 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී […]
මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.
විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.