ක්‍රිකට් කියන්නේ අපි දින්නත් පැරදුනත් අපි ආසම ක්‍රීඩාවක් …ඒ නිසා පරාද වෙන බව දැන දැනත් ඉවර වෙනකන්ම MATCH එක අපි බලනවා. කොච්චර පැරදුනත් ඉවසීමකින් දිනනවා බලන් ඉන්න ප්‍රේක්ෂකයින් පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.. අද මේ ඒ ගැන කතාවක්..
රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරුට පාලනය කර නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව අසල තිබු ගංගාවකට පෙරලි අනතුරක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් අනතුරට පත් තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 414,295ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ එම මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේවෙතත් අදාළ මිසයිල අත්හදාබැලීම අසල්වාසී රාජ්‍යයන්ට තර්ජනයක් බව අමෙරිකාව සදහන් කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වනවා. මේ අනුව මේ සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට පසුගිය දා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බවත් එමනිසා හැකි ඉක්මනින් පාසල් […]
ඇෆ්ගනිස්ථානයේ සියලු විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාල නව නීති තලේබාන් සංවිධානය විසින් ගෙන තිබෙන අතර මේ අනුව ශිෂ්‍යාවන්ට තව දුරටත් උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවන නමුත් ශිෂ්‍යයින් සමග එකට සිටිය නොහැකි බව එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ නව උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දෙමින් සදහන් කර තිබෙනවා.
අද දිනයේ දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 234 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
මේ වසරේ චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස් හිමිව තිබෙනවා. 2016 වර්ෂයේ සිට චීනය විසින් විද්‍යාත්මක නව සොයාගැනීම් වෙනුවෙන් සහ නව නවෝත්පාදනයන් ප්‍රවර්ධනය සදහා චීන නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබයි.
මෙරට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ෆයිසර් එන්නත් මාත්‍රා 76, 000 ක තොගයක් අද මෙරටට ගෙනවිත් තිබෙනවා.