News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Generic placeholder image

මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.


Sep
14

විදෙස් සංචාරකයින්ට PCR කිරීමට මධ්‍යස්ථානයක්

Generic placeholder image

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.


Sep
14

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බවයි. සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා මෙලෙස එම කාර්යාල විවෘතව තැබෙන අතර වැඩි විස්තර සදහා පහත දුරකථන අංක ඇමතිය හැකිය.


Sep
14

වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18

Generic placeholder image

මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල ලබා දෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තැපැල් කාර්යාල සතියට දින 04ක් පමණක් විවෘතව තැබෙන අතර ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.


Sep
14

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
14

නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීම අද සිට

Generic placeholder image

සහල් සඳහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කෙළේය.මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් […]


Sep
14

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
14

විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනයේ සදහන් වන්නේ මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමට ක්‍රියා කල යුතු බවයි. අදාල නිවේදනය පහතින්,


Sep
14

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් T 20 තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අවසන් T 20 තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. මෙම තරගය අද රාත්‍රී 7.00 සිට සජීවීව සියත TV හරහා ඔබට නැරඹීමට හැකිය.


Sep
14

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. […]


Sep
13

තවත් කොවිඩ් මරණ 135ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ ගණන 11,431ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
13

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ධුරයෙන් පහකෙරේ

Generic placeholder image

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව එම ධුරයෙන් පහකර තිබෙනවා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.


News Articles
Latest Videos
Most Popular Post