සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ […]
“මූ” වෛරස ප්‍රභේදය, එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරටින් මේ වන විට ආසාදිතයින් 47ක් හදුනා ගෙන ඇති බවයි පැවසෙන්නේ.කොවිඩ් මර්දන එන්නත් සදහා ද මෙම වෛරසය බලපෑමක් සිදු කරනවාද නැද්ද යන්න පිලිබදව තවමත් පරීක්ෂණ සිදු කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මෙම වෛරසය දැඩි අවදානයට ලක් විය යුතු ප්‍රභේදයක් ලෙස සදහන් කරනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2028 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 409,628ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද […]
දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරගය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මේ තරගයත් සියත TV ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සජීවීව නැරඹීමට අවස්ථව උදා වෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, බේරුවල, අලුත්ගම, දර්ගානගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සැප්තැම්බර් 21 දක්වා තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබෙනවා.