ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේත් විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ තොග වෙළදාම සදහායි.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූණා.පැරාලිම්පික් තරගබිමේ නව වාර්තා තබමින් ඔබ ලැබූ ජයග්රහණයන් ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය තුළ ගෞරවාදරයට ලක් […]
ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එරට නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරමින්. මේ අනුව නව කැබිනට් මණ්ඩලය පුරුෂයින් 22 දෙනෙකුගෙන් පමණක් සමන්විත වනවා. එහිදී කාන්තා කටයුතු අමාත්‍යාංශය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා.
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ ව්වෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.
ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..
මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20-29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද ආරම්භ කර තිබෙනවා
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්ව්ටර් සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබෙනවා. අදාල ට්ව්ටර් සටහන පහතින්,
ඉකුත් මාස 07 ක කාලය තුළ වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මේ වන විට කරුණු තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.